Thursday, June 29, 2023

ඩෝනට්ස්.

 ඩෝනට්ස්.



ඔන්න මන් අදත් අලුත් රෙසිපි එකක් අරගෙන අවා. අපි බලමු ඉතාම අඩු කාලයකින් විනාඩි 5කින් වගේ ඉතාම රසවත් ඩෝනට්ස් එකක් හදාගන්නෙ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • පාන්පිටි ග්‍රෑම් 300
  • සීනි මේස හැඳි 5ක්
  • බේකින් පව්ඩර් තේ හැඳි 1ක්
  • බිත්තර 1ක්
  • කිරි (ෆ්‍රෙශ් මිල්ක් / පොල් කිරි)
  • පොල් තෙල්
  • අයිසින් සීනි ග්‍රෑම් 100
  • කලරින්
  • ස්පින්ගර්ස්

ඩෝ එක සාදා ගන්නා ආකාරය. :- 

පාන්පිටි ටික බෝල් එකකට දාගන්න. ඊටපස්සෙ ඒකටම සීනි මේස හැඳි 5ත් එකතු කර ගන්න. සීනි ටික සහ පාන්පිටි ටික හොඳට කළවම් කර ගන්න. ඉන් පසු ඒ මිශ්‍රණයටම බේකින් පවුඩර් තේ හැඳි 1ක් සහ බිත්තර 1ක් එකතු කර ගන්න. නැවතත් හොඳින් කළවම් කර ගන්න.

ඉන්පසුව එම මිශ්‍රණයටම කිරි ටික එකතු කර ගන්න. (කිරි නැත්නම් වතුර භාවිතා කළ හැකිය) අතේ නොඇලෙන පදමට එන තෙක් පිටි ඩෝ එක හොඳින් මිශ්‍ර කර ගන්න. (විනාඩියක් දෙකක් හොඳින් පිටි ඩෝ එක නීඩ් කර ගන්න)

ඉන්පසුව බෝඩ් එකක් ගන්න. ඒක උඩට හොඳින් පාම් පිටි ඉහා ගන්න. ඉන්පසුව පිටි ඩෝ එක ඒ මත තබා ඊට උඩින් ද පාම් පිටි ඉහා ගන්න. පසුව පිටි ඩෝ එක හොඳින් තුනී කර ගන්න. (ගොඩාක් තුනී කරන්න එපා.)

පසුව තුනී කර ගත්ත ඩෝ එකෙන් රවුම් කපා ගන්න. (ඒ සඳහා කප් එකක් භාවිතා කළ හැකිය.) රවුම් කපා ගත් පසුව එහි මැද රවුමත් කපා ගන්න.

වෙනත් භාජනයක් ලිප තබා එයට තෙල් එක් කර හොඳින් රත් වූ පසුව කපාගත් රවුම් ඒ මත දමා හොඳින් බැඳ ගන්න. (ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තබා ගන්න.) රන්වන් පැහැය වන තුරුම දෙපැත්තම බැඳ ගන්න.

ඩෝනට්ස් ටික බැඳගත් පසුව එය රසවත් කරන ගේල්ස් එක සාදා ගත යුතුය. 

ග්ලේස් එක සාදා ගන්නා ආකාරය. :-

පොඩි භාජනයක් ගන්න. එයට අයිසින් සීනි ග්‍රෑම් 100ක් එකතු කර ගන්න. (අයිසින් සීනි නැත්නම් සාමාන්‍ය සීනි අරගෙන ඒක කුඩු කරගෙන හොඳට තුන් හතර පාරක් පෙරළා අරගන්න) ඒකටම කිරි මේශ හැඳි 2ක් එකතු කර ගන්න. ඉන්පසුව හොඳින් කළවම් කර ගන්න.

එම මිශ්‍රනයට කලරින් බිංදු 2ක් එකතු කර ගන්න. (අත්‍යාවශයම නැ. කැමති නම් එක් කර ගන්න.)

ග්ලේස් එක තම කැමති පරිදි කැමති පාටකින් සාදා ගත හැකිය. ඉන් පසුව ග්ලේස් එක සාදාගෙන එයට ඩෝනට් දමා ග්ලේස් එක දවටා ගන්න. (තම්න්ට කැමති පරිදි එය ලස්ස්න කර ගත හැකිය.) දවටා ගත් ඩෝනට්ස් මතට ස්පින්ගර්ස් දාම සරසා ගන්න.

ඉන්පසුව පිළිගන්වන්න. රස විඳින්න.

නැවත හමුවෙමු තවත් රසවත් රෙසිපි එකකින්.




9 comments:

සන්නිවේදන නිර්වචන.

  සන්නිවේදන නිර්වචන. 01. කවුරුන් විසින්, කුමක්, කුමන මාධ්‍යකින්, කවරෙකුට, කිසියම් බලපෑමක් ඇති කරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනය යි. ...