Monday, May 29, 2023

ගෝලීයකරණය

ගෝලීයකරණය යනු?



    ගෝලීයකරණය යනු සරලවම විද්‍යාව හා තාක්ෂණය, ප්‍රවාහනය, සන්නිවේදනය යනාදී වූ ක්ෂේත්‍ර වල ඇති වෙමින් පවතින ඉතා වේගවත් දියුණුව සමඟ ඒකාබද්ධ වී පවතින ආර්ථික, දේශපාලන, සමාජ හා සංස්කෘතික ක්‍රියාවලීන් නිසා හුදෙකලා බවකින් තොරව මුළු ලෝක ප්‍රජාවම එකම සමාජයක් බවට ඒකාබද්ධ වීමේ ක්‍රියාවලිය "ගෝලීයකරණය" වේ.

    ගෝලීයකරණය මෑතකදී සිඳු වූවක් නොවන අතර එහි ආරම්භය අධිරාජ්‍යවාදී රටවල් යටත් විජිතකරණය ආරම්භ කිරීම දක්වා ඈතට දිව යයි. ඒ අනුව අධිරාජ්‍යවාදී රටවල් තම රටේ ඒකරාශී වූ ප්‍රාග්ධනය යටත් විජිතවල ආයෝජනය කිරීමත් සමඟ ගෝලීයකරණය ක්‍රියාවලිය ආරම්භ විය.


ගෝලීයකරණය පිළිබඳ නිර්වචන.

01. "ආර්ථික,සමාජීය හා සංස්ක්ෘතික බලපෑම් ලෝකයේ සියලු ප්‍රදේශවල ක්‍ර්මයෙන් එක හා සමාන තත්වයකට පත් වීමේ ක්‍රියාවලිය ගෝලීයකරණය යි"

                                                                                                                                                        -කේම්බ්‍රිජ් ශබ්ද කෝෂය-

02. "දේශ සීමා වලින් තොරව මුළු ලෝකයම එකම භූගෝලීය කලාපයක් ලෙස ක්‍රියා කිරීම යි" 

                                                                                                               -ආර්.රොබර්ට්සන්.-

03. "ගෝලීයකරණය යනු, පශ්චාත් නවමු ලෝකය තේරුම් ගැනීම යි,"

                                                                            -ගෝඩන් මැතීස්-

04. "තාක්ෂණය හා ජනමාධ්‍ය බලපෑම නිසා සංකෝචනය වූ ලෝකය සංකෝචනය වීමේ ප්‍රථිපලයක් ලෙස නව විඥාණයක් බිහි වීමයි.


ගෝලීයකරණයේ ලක්ෂණ

01. ගෝලීයකරණය සංකීර්ණ වූ ක්‍රියාවලියකි.

02. නූතන ලෝකයේ ගෝලීයකරණ ක්‍රියාවලිය ඉතා වේගයෙන් සිඳු වේ.

03. ගෝලීයකරණය නිසා බටහිර සංස්ක්ෘතිය ලොව පුරා ව්‍යාප්ත වීම සිඳුවිය.

04. ගෝලීයකරණයේ ප්‍රධාන අංග ලෙස 

  • ආර්ථික ගෝලීයකරණය, 
  • සංස්කෘතික ගෝලීයකරණය, 
  • දේශපාලන ගෝලීයකරණය  
  • තාක්ෂණික ගෝලීයකරණය හඳුන්වයි.

05. යටිතල පහසුකම් දියුණු වීම.

06. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙහි වේගවත් දියුණුවක් ඇති වීම.


ගෝලීයකරණයේ වාසි.

01. අධ්‍යාපනික. තාක්ෂණික නව දැනුම හුවමාරු කර ගැනීමට හැකි වීම.

02. මනව අවශ්‍යතා ඉටු කර ගැනිමට අවශ්‍ය වෙළෙඳපොළක් බිහි වීම.

03. කාර්මික වශයෙන් අඩු දියුණු රටවල් වලට විශාල වෙළෙඳපොළ දක්වා ගමන් කිරීමට හැකි වීම.

04. ව්‍යවසායකයන් නොමැති රටවල් වලට නව අදහස් හා නව ව්‍යවසායකත්වයක් ලබා ගැනීමට හැකි වීම.

05. ජීවන තත්වය ගුණාත්මක වීම.


ගෝලීයකරණයේ අවාසි.

01. සංස්කෘතික අනන්‍යතා ගිලිහී යාම.

02. තොරතුරු වල නිවැරදිභාවය පිළිබඳව ගැටළු ඇති වීම.

03. ආදායම් විෂමතා සහ සමාජ පන්ති විෂමතා ඇති වීම.

04. සාම්ප්‍රදායික සංස්ක්ෘතිය බිඳ වැටීම.

05. සමාජ සබඳතාවයන් තරඟකාරීත්වය මත බිඳ වැටීම.



 

78 comments:

  1. Excellent ❤️👍

    ReplyDelete
  2. ❤️❤️😍😍❤️😘 අවී

    ReplyDelete
  3. Good work💪❤

    ReplyDelete
  4. ❤️❤️good work

    ReplyDelete
  5. Great work.❤️❤️

    ReplyDelete
  6. Lassanai ❤️🤗

    ReplyDelete
  7. Interesting 🫡

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ❤️❤️❤️

    ReplyDelete
  10. ❤👌👌❤️

    ReplyDelete
  11. Great work..it's really helpful for students..

    ReplyDelete
  12. Well done dear ❤

    ReplyDelete

සන්නිවේදන නිර්වචන.

  සන්නිවේදන නිර්වචන. 01. කවුරුන් විසින්, කුමක්, කුමන මාධ්‍යකින්, කවරෙකුට, කිසියම් බලපෑමක් ඇති කරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනය යි. ...