Monday, May 29, 2023

ජනප්‍රිය සංස්කෘතිය

 ජනප්‍රිය සංස්කෘතිය






    මනමෝහන සංස්කෘතිය ලෙසද හදුන්වන ජනප්‍රිය සංස්කෘතිය යනුවෙන් අදහස් කරන්නේ, මාධ්‍ය ඔස්සේ සමාජ ගත කරනු ලබන ජනතාව ආකර්ශනීය කර ගන්නා විවිධ් නව සංස්කෘතිය අංගයන් ය. මෙම ජනප්‍රිය සංස්කෘතිය බිහිවන්නේ කාර්මීකරණයේත් නාගරීකරණයේත් ප්‍රථිඵලයක් වශයෙනි. මුල් කාලීනව පැවති ගැමි සංස්කෘතිය පසු කාලීනව රූපවාහිනිය, ගුවන් විදුලිය, චිත්‍රපට පැමිණීමත් සමඟ ජනප්‍රිය සංස්ක්ෘතියක් බවට පරිවර්තනය විය. ඒ අනුව සමාජය තුළ ඉතා ඉක්මණින් පැතිර යන සමාජයේ සෑම පාර්ශවයක්ම ආකර්ශනය කර ගන්නා ඕනෑම සංස්කෘතිය තත්වයක් ජනප්‍රිය සංස්කෘතිය ලෙස හඳුන්වයි.


ජනප්‍රිය සංස්කෘතිය නිර්වචන.

ව්විධ විද්වතුන් විසින් ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳව විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත.

01. "ජන මෝහනීය සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතියයි."

                                -මහාචාර්‍ය සුනන්ද මහේන්ද්‍ර - 

02.ජනප්‍රිය සංස්කෘතිය හා ජනමාධ්‍ය අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධතාවයකි.

                                                                                                                       - කේ. ටියුනර්-

03.රටක උසස් සංස්කෘතියක් නිර්මාණය කිරීම සදහා තිබිය යුතුම සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය යි.

                                                                                                                                          -ටී.එස්. එලියට්-

04.භාෂාව, කලාව , සිරිත් විරිත්, අභිචාර විධි, ආගමික මත, ඇදුම් පැළදුම්,ආහාර පාන, හැසිරීම් , ගෘහ නිර්මාණ ආදියෙහි පිපිරීමත් ඒවාට නව ලක්ෂණ එකතු වීමත් ජනප්‍රිය සංස්කෘතිය නම් වේ.

                                                                                                                                  -එවරට් . එම්. රොජස්-


ජනප්‍රිය සංස්කෘතියේ අංග

  • ආහාර පාන
  • ඇදුම් පැළදුම්
  • යාන වාහන
  • සංගීතය
  • අදහස්
  • ගෘහ භාණ්ඩ
  • අධ්‍යාපනය
  • නිවාස
  • දේශපාලනය
  • ටෙලි නාට්‍ය යනාදිය මීට අයත් ය.


ජනප්‍රිය සංස්කෘතිය ලක්ෂණ

01.ජනමාධය ඔස්සේ ව්‍යාප්ත වීම.

02.ව්‍යාපාරික ආධිපත්‍ය හා බැඳී පවතී.

03.කලාත්මක බවෛන් තොරය.

04.ගතිකත්වයකින් යුක්තය.

05.නොගැඹුරු සහ සරල වේ.

06.ජනමාධ්‍ය මත වය්‍යාප්ත වේ.

07.කල්පවත්නා ස්වාභයක් නොමැති වීම.

08.සෑම විටම කාලීන තත්ත්වයක් මත ගොඩනැගීම.

09.මහා පරිමාණ ලෙස නිෂ්පාදන හා බෙදා හැරීමක් පැවතීම.

10.ජනප්‍රිය සංස්කෘතිය නිර්මාණය කිරීම සදහා ග්‍රාහක අවශ්‍යතා සැලකිල්ලට භාජනය කෙරේ.


ජනප්‍රිය සංස්කෘතිය ක්‍රියාකාරීත්ව පාර්ශවකරුවන්.

ජනප්‍රිය සංස්කෘතිය නිර්මාණය කිරීමට හා පවත්වාගෙන යාමට විවිධ පාර්ශව තුනක් දායක වේ. 

01.ව්‍යාපාරිකයන්.

02.බහු ජන මාධ්‍ය.

03.පාරිභෝගිකයන්.


ජනප්‍රිය සංස්කෘතිය බලපෑම.

01. දේශීයවශයෙන් පවත්නා සංස්ක්ෘතිකාංග යටපත් වී බටහිර සංස්කෘතිකාංග පැතිරීම වේගවත් විය.

02.අනවශ්‍ය පාරිභෝජන රටා වලට මිනිසා පෙළඹවීම.

03.සංස්කෘතික අනන්‍යතාවයන් බිඳ වැටීම.

03. තරුන පිරිස අතර බහුලවම ව්‍යාප්ත වීම.

04. සමාජ , ආර්ථික , සදාචාරාත්මක යන අංශ කෙරෙහි වැඩි බලපෑමක් සිඳු වී ඇත..

05.ජනතාවගේ මුඛ්‍ය අරමුණු යටපත් කර නිස්සාර අරමුණු කෙරෙහි යොමු කරවීම.

31 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Lakshika sewwandiMay 30, 2023 at 7:36 AM

    Valuable

    ReplyDelete
  3. ❤️❤️❤️

    ReplyDelete
  4. Good job ❤️

    ReplyDelete
  5. Nithya RathnayakaMay 31, 2023 at 4:41 AM

    ❤️✨

    ReplyDelete

සන්නිවේදන නිර්වචන.

  සන්නිවේදන නිර්වචන. 01. කවුරුන් විසින්, කුමක්, කුමන මාධ්‍යකින්, කවරෙකුට, කිසියම් බලපෑමක් ඇති කරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනය යි. ...