Wednesday, June 14, 2023

අඩු වියදමකින් සුපිරි රෝල් එකක්.

  අඩු වියදමකින් සුපිරි රෝල් එකක්.



අඩු වියදමකින් ගෙදර තේ බොන ගමන් ක්‍රිස්පි ගතියට කන්න ඉතාම සරලවම ස්නැක් එකක් හදා ගන්න විදිය ගැන අද මම ඔයාලට කියල දෙන්නම්. ඒකට ඕනි කරන්නෙ ඉතාම සුළු දේවල් ටිකක්.

අවශ්‍ය ද්‍රව්‍ය :- 

  • තම්බලා පොඩි කර ගත්ත අල ගෙඩි දෙකක්.
  • ලීක්ස් කොළයක්.
  • පොඩි ළුණු ගෙඩි භාගයක්.
  • අමු මිරිස් කරලක්.
  • ලුණු.
  • ගම්මිරිස්.
  • කහ කුඩු.
  • කෝන් ෆ්ලා / පාන් පිටි 
  • පොල්තෙල්
  • ඇල් වතුර

මම ඉහතින් සඳහන් කරලා තියෙන ද්‍රව්‍ය ටික තමා අද අපිට මේ ස්නැක් එක හදා ගන්න ඕනි කරන දේවල් ටික.  ඉතින් මේකෙ ලුණු, ගම්මිරිස් සහ කහ කුඩු අපිට රස අනුව මිශ්‍ර කරගන්න පුළුවන්. 


01. මිශ්‍රණය සාදා ගැනීම.

මුලින්ම අපි මිශ්‍රණය ගන්නෙ කොහොමද කියලා බලමු.  ඒකට අපි මුලින්ම කරන්න ඕනි පිරිසිදු භාජනයක් අරගෙන ඒකට ,

  •           තම්බාගත් අල ගෙඩි දෙක
  •           පොඩිවට කපා ගත්ත ලීක්ස්
  •           පොඩිවට කපා ගත්ත ළුණු ගෙඩියෙන් භාගය
  •           පොඩිවට කප ගත් අමු මිරිස් කරල
  •           රස අනුව ලුණු , ගම්මිරිස් සහ කහ කුඩු ටික
  •           පාන් පිටි මේස හැඳි දෙකක් (කෝන් ෆ්ලා ගන්නත් පුළුවන්)

ඒ භාජනයට දාලා හොදින් මිශ්‍ර කර ගන්න. අතින් මිශ්‍ර කර ගන්න එක වඩාත් සුදුසුයි. ( අල වල තෙත ගතිය තියෙන නිසා නැවත වතුර මිශ්‍ර කිරීම අවශ්‍ය නැත.) හොදින් මිශ්‍ර කර ගත් පසුව පොඩි පොඩි රෝල් සාදා ගන්න.


02. ඩෝ එක සාදා ගැනීම.

ඊටපස්සෙ අපි මේකට අවශ්‍ය කරන ඩෝ එක හදා ගමු. ඒකට අපි කරන්න ඕනි තවත් භාජනයක් අරගෙන ඒකට පාන්පිටි ග්‍රෑම් 150 ක්, රස අනුව ලුණු ස්වල්පයක් සහ පොල්තෙල් මේස හැඳි 2ක් එකතු කර ගන්න. ඊටපස්සෙ ඇල් වතුර ටික ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කර ගනිමින් ඩෝ එක අනා ගන්න. විනාඩි 10ක් පමණ තබන්න. 


03. බැටර් එක සාදා ගැනීම.

ඊටපස්සෙ කරන්න ඕනි බැටර් එක හදා ගන්න එක. ඒකට වෙනම භාජනයක් අරගෙන ඒකට පාන් පිටි මේස හැන්දක් සහා ඇල් වතුර මේස හැඳි 2ක් එකතු කර දියාරු ගතියට බැටර් එකක් සාදා ගන්න. රෝල් ටික අලවගන්න තමයි අපි මේක දියාරු ගතියට හදා ගන්න ඕනි.


04. සාදා ගන්නා ආකාරය :- 

  1. ඩෝ එක හොදින් දිගු අතට දිග හැර ගන්න. ( ඝනකමින් තොරව හොඳින් තුනී කර ගන්න.)
  2. සාදා ගත් රෝල් වල ප්‍රමාණයට ඩෝ එකේ තීරු කපා ගන්න.
  3. කපා ගත් තීරු රෝ එක වටේ ඔතා ගන්න. එහි අවසානයේ බැටර් එක ගාලා හොඳින් අලවා ගන්න.
  4. තෙල් අවශ්‍ය ප්‍රමානයට දමා එය හොඳින් රත් කර ගන්න.
  5. තෙල් රත් වූ පසුව කලින් සාඳා ගත් රෝල් තෙලට දමා හොඳින් බැඳ ගන්න. ( ලා රන්වන් පැහැය එන තුරු) 
  6. අවශ්‍ය ප්‍රමාණයට බැඳගත් පසුව ඉවත් කර ගන්න.
  7. ඉන්පසුව රසම රස ස්නැක් එක පිළිගන්වන්න.




අද  ඉතාම සරලව නිවසේදීම රසම රස ස්නැක් එකක් හදා ගත්තා වගේම තවත් රසම රස රෙසිපි එකක් අරගෙන ආයෙත් අලුත් දවසක හම්බෙමු. 



















4 comments:

සන්නිවේදන නිර්වචන.

  සන්නිවේදන නිර්වචන. 01. කවුරුන් විසින්, කුමක්, කුමන මාධ්‍යකින්, කවරෙකුට, කිසියම් බලපෑමක් ඇති කරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනය යි. ...