Tuesday, October 8, 2024

ඉතුරුවෙන බත් වලින් තේ වෙලාවට කන්න රස කෑමක් හදමු ද?

රයිස් වඩේ. 







අවශ්‍ය ද්‍රව්‍ය. -

  • බත් කෝප්ප එකක්. (රතු බත්, සුඳු බත්, නාඩු හාල්, කැකුළු හාල් කැමති බත් එකක්)
  • පාන් පිටි තේ හැඳි 03
  • ළුණු
  • කරපිංචා
  • අමුමිරිස්
  • ලූණු
  • කැමති නම් කෑලි මිරිස්, ගම්මිරිස්

ගොඩක් ලේසියෙන් හරිම රසට හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ තියෙන්නෙ. ඔයාලත් හදලා බලන්නකො. ම්ම්ම්ම්ම්ම්ම් කටට සැරට රසම රස වඩේ එකක් ඔයාලත් ගෙදරදිම හදන්නකෝ. හරිම ලේසියි. එහෙනම් අපි බලමු කොහොමද හදා ගන්නේ කියලා.

සාදා ගන්නා ආකාරය -

මිශ්‍රණය සාදා ගන්නා ආකාරය -

මුලින්ම උයාගත්තු බත් ටික බ්ලෙන්ඩර් කප් එකකට දා ගන්න. ඊටපස්සෙ ඒ බත් ටික පේස්ට් එකක් වගේ වෙනකල් වතුර ටිකක් එකතු කරලා හොඳින් අඹර ගන්න. මේකට ඕනිම හාලකින් උයාගත්තු බත් පාවිච්චි කරන්න පුළුවන්. (කැමති බත් වර්ගයක් ගන්න.)

ඉන්පසුව එම පේස්ට් එකට පාන්පිටි මේස හැඳි තුනක් එකතු කරන්න. ඉන් පසු ලුණු කුඩු, හීනිවට කපා ගත්ත ළුනු කැබලි, කරපිංචා, අමු මිරිස් එකතු කර ගන්න. ඒ ඔක්කොම එකට හොඳින් මිශ්‍ර කර ගන්න. (අතින් අනා ගන්න) ඔයාලට කැමති නම් හීනිවට කපා ගත්ත කංකුං ටිකක්, නැත්නම් කැරට් ටිකක් එකතු කර ගන්නත් පුළුවන්.

ඉන් පසුව වතුර ටිකක් ඒ භාජනයටම එකතු කර ගන්න. (හොඳින් මිශ්‍ර කර ගන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කර ගන්න.) ඇලෙන ගතියට එන මිශ්‍රණයක් හදා ගන්න. ගෙදර තියෙනවනම් ඔයාලට බේකින් සෝඩා ටිකක් වුණත් මේ මිශ්‍රණයට දා ගන්න පුළුවන්.

දැන් අපි මිශ්‍රණේ හදාගෙන ඉවරයි. දැන් එහෙනම් වඩේ හදමු.

වඩේ සාදා ගන්නා ආකාරය -

මුලින්ම අත් දෙකේ තෙල් හෝ වතුර ස්වල්පයක් ගා ගන්න. ඉන් පසුව මිශ්‍රණයෙන් ටිකක් අතට ගෙන උඳු වඩේ ආකාරයට සාදා ගන්න. මැඳින් හිලක් සාදා ගන්න.(හොඳින් තැම්බෙන්න ඕනි නිසා)

ඉන් පසුව භාජනයක් රත් කර එයට පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට දමා රත් වන තුරු තබා ගන්න. රත් වූ පොල්තෙල් වලට සාදා ගත් උඳු වඩේ දමා හොඳින් බැද ගන්න. වඩේ රන්වන් පාට වන තුරු මද ගින්දරේ හොඳින් බැදෙන තුරු තබා ගන්න. 

ඉතින් දැන් ඔයාලට පුළුවන් තේ බොන ගමන් කටට සැරට රසම රස වඩේ කන්න.

ඔයාලත් ගෙදර ඉතුරු වුණු බත් වලින් මේ වගේ හරිම ලේසි කෑම හදලා බලන්න. හදලා රස බලන්න. හැමදේම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනි මේ කාලේ ඔයාලත් ඉතුරු වූණු බත් විසිකරන්නේ නැතුව වෙනස් කෑමක් හදලා බලන්නකෝ.

එහෙනම් අලුත් බ්ලොග් එකකින් ආයෙත් හමුවෙමු. බායි.







Wednesday, September 25, 2024

රට (නාරා)나라

 කොරියානු හාෂාවෙන් රටවල්වල නම් ඉගෙන ගන්න ආසයි ද?


රට   나라 (නාරා)



           රට                                                                      නම (කොරියානු භාෂාවෙන්)


01. කොරියාව.                                                               한국.  (හන්ගුග්)

02. ශ්‍රී ලංකාව.                                                               스리랑카  (රිලංඛා)

03. චීනය.                                                                     중국   (ජුංගුග්)

04. ඇමරිකාව                                                               미국   (මිගුග්)

05. ඉංදියාව.                                                                  인도  (ඉන්දෝ)

06. ජපානය.                                                                  일번  (ඉල්බෝන්)

07. වියට්නාමය.                                                             베트남  (පෙනාම්)

08. තායිලන්තය.                                                            태국  (ථෙගුග්)

09. සෞදි අරාබිය.                                                          사우디아라비야   (සවුදි අරාබියා)

10. එංගලන්තය.                                                            영국   (යොංගුග්)

11. කසකස්ථානය.                                                         카즈하스탄   (ඛථාන්)

12. ඕස්ට්‍රේලියාව.                                                           호주  (හෝජු)

13. කෙන්‍යාව.                                                                케냐  (ඛෙන්‍යා)

14. ස්වීඩනය.                                                                 스웨덴  (ස්වෙදෙන්)

15. පෝලන්තය.                                                             폴란드  (ඵෝල්ලන්ද)

16. ප්‍රංශය.                                                                      프랑스   (රංස)

17. මෙක්සිකෝව.                                                           멕시코   (මෙග්සිඛෝ)

18. රුසියාව.                                                                   러시아    (ලොසිආ)

19. ජර්මනිය.                                                                  독일       (තෝගිල්)

20. කැනඩාව.                                                                 캐나다    (ඛෙනදා)

21. මොංගෝලියාව.                                                        몽골        (මෝංගෝල්)

22. බ්‍රසීලය.                                                                    브라질      (රාචිල්)


Monday, July 10, 2023

සන්නිවේදන නිර්වචන.

  සන්නිවේදන නිර්වචන.







01. කවුරුන් විසින්, කුමක්, කුමන මාධ්‍යකින්, කවරෙකුට, කිසියම් බලපෑමක් ඇති කරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනය යි.

-හැරල්ඩ් ඩී ලැස්වෙල්-


02. සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතුකොටගෙන සන්නිවේදනය තුළින් පවත්වාගෙන යනු ලබන සම්බන්ධතා ජාලයකි. චර්‍යාවට අදාළ සෑම සංස්ක්ෘතික රටාවක් සහ සමාජ චර්‍යාවට අදාළ සෑම ක්‍රියාවක්ම ස්ෘජුවම හෝ වක්‍රව සන්නිවේදනයට සම්බන්ධකමක් ඇත.

-එඩ්වර්ඩ් ශැපීර්-


03.තොරතුරු ගැබ්වූ සංඥාවක් කරණකොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික තත්වයක් ඇති කරලීමේ ක්‍රියාවලිය සන්නිවේදනය යි.

-විල්බර් ශ්‍රාම්-


04. වාච්කව හෝ ලිඛිතව හෝ සලකුණු ,මඟින් හෝ අදහස් ,දැනුම, තොරතුරු ඵල කිරීම, බෙදා හැරීම සහ ව්‍යාප්තිය සන්නිවේදනය නම් වේ.

-ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය-


05. සන්නිවේදනය යනු එක් අයෙකු හෝ කීප දෙනෙකු ඒකාධිකාරයට යටත් වූ අදහස් දෙදෙනෙකුගේ හෝ වැඩි දෙනෙකු අතර පොදු බවට පත් කර ගැනීමයි.

-ඇලෙක්සැන්ඩර් බෝඩ්-


06.සන්නිවේදනය යනු යම් තැනකදි නිර්මාණය වූ හෝ තෝරාගත් පණිවිඩයක් වෙනත් තැනක දී ඒ ආකාරයෙන්ම හෝ ප්‍රතිනිර්මාණය කිරීමයි.

-ක්ලෝඩ් ශැනෝන් සහ වොරන් වීවර්-


Thursday, June 29, 2023

ඩෝනට්ස්.

 ඩෝනට්ස්.



ඔන්න මන් අදත් අලුත් රෙසිපි එකක් අරගෙන අවා. අපි බලමු ඉතාම අඩු කාලයකින් විනාඩි 5කින් වගේ ඉතාම රසවත් ඩෝනට්ස් එකක් හදාගන්නෙ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • පාන්පිටි ග්‍රෑම් 300
  • සීනි මේස හැඳි 5ක්
  • බේකින් පව්ඩර් තේ හැඳි 1ක්
  • බිත්තර 1ක්
  • කිරි (ෆ්‍රෙශ් මිල්ක් / පොල් කිරි)
  • පොල් තෙල්
  • අයිසින් සීනි ග්‍රෑම් 100
  • කලරින්
  • ස්පින්ගර්ස්

ඩෝ එක සාදා ගන්නා ආකාරය. :- 

පාන්පිටි ටික බෝල් එකකට දාගන්න. ඊටපස්සෙ ඒකටම සීනි මේස හැඳි 5ත් එකතු කර ගන්න. සීනි ටික සහ පාන්පිටි ටික හොඳට කළවම් කර ගන්න. ඉන් පසු ඒ මිශ්‍රණයටම බේකින් පවුඩර් තේ හැඳි 1ක් සහ බිත්තර 1ක් එකතු කර ගන්න. නැවතත් හොඳින් කළවම් කර ගන්න.

ඉන්පසුව එම මිශ්‍රණයටම කිරි ටික එකතු කර ගන්න. (කිරි නැත්නම් වතුර භාවිතා කළ හැකිය) අතේ නොඇලෙන පදමට එන තෙක් පිටි ඩෝ එක හොඳින් මිශ්‍ර කර ගන්න. (විනාඩියක් දෙකක් හොඳින් පිටි ඩෝ එක නීඩ් කර ගන්න)

ඉන්පසුව බෝඩ් එකක් ගන්න. ඒක උඩට හොඳින් පාම් පිටි ඉහා ගන්න. ඉන්පසුව පිටි ඩෝ එක ඒ මත තබා ඊට උඩින් ද පාම් පිටි ඉහා ගන්න. පසුව පිටි ඩෝ එක හොඳින් තුනී කර ගන්න. (ගොඩාක් තුනී කරන්න එපා.)

පසුව තුනී කර ගත්ත ඩෝ එකෙන් රවුම් කපා ගන්න. (ඒ සඳහා කප් එකක් භාවිතා කළ හැකිය.) රවුම් කපා ගත් පසුව එහි මැද රවුමත් කපා ගන්න.

වෙනත් භාජනයක් ලිප තබා එයට තෙල් එක් කර හොඳින් රත් වූ පසුව කපාගත් රවුම් ඒ මත දමා හොඳින් බැඳ ගන්න. (ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තබා ගන්න.) රන්වන් පැහැය වන තුරුම දෙපැත්තම බැඳ ගන්න.

ඩෝනට්ස් ටික බැඳගත් පසුව එය රසවත් කරන ගේල්ස් එක සාදා ගත යුතුය. 

ග්ලේස් එක සාදා ගන්නා ආකාරය. :-

පොඩි භාජනයක් ගන්න. එයට අයිසින් සීනි ග්‍රෑම් 100ක් එකතු කර ගන්න. (අයිසින් සීනි නැත්නම් සාමාන්‍ය සීනි අරගෙන ඒක කුඩු කරගෙන හොඳට තුන් හතර පාරක් පෙරළා අරගන්න) ඒකටම කිරි මේශ හැඳි 2ක් එකතු කර ගන්න. ඉන්පසුව හොඳින් කළවම් කර ගන්න.

එම මිශ්‍රනයට කලරින් බිංදු 2ක් එකතු කර ගන්න. (අත්‍යාවශයම නැ. කැමති නම් එක් කර ගන්න.)

ග්ලේස් එක තම කැමති පරිදි කැමති පාටකින් සාදා ගත හැකිය. ඉන් පසුව ග්ලේස් එක සාදාගෙන එයට ඩෝනට් දමා ග්ලේස් එක දවටා ගන්න. (තම්න්ට කැමති පරිදි එය ලස්ස්න කර ගත හැකිය.) දවටා ගත් ඩෝනට්ස් මතට ස්පින්ගර්ස් දාම සරසා ගන්න.

ඉන්පසුව පිළිගන්වන්න. රස විඳින්න.

නැවත හමුවෙමු තවත් රසවත් රෙසිපි එකකින්.




Wednesday, June 14, 2023

අඩු වියදමකින් සුපිරි රෝල් එකක්.

  අඩු වියදමකින් සුපිරි රෝල් එකක්.



අඩු වියදමකින් ගෙදර තේ බොන ගමන් ක්‍රිස්පි ගතියට කන්න ඉතාම සරලවම ස්නැක් එකක් හදා ගන්න විදිය ගැන අද මම ඔයාලට කියල දෙන්නම්. ඒකට ඕනි කරන්නෙ ඉතාම සුළු දේවල් ටිකක්.

අවශ්‍ය ද්‍රව්‍ය :- 

  • තම්බලා පොඩි කර ගත්ත අල ගෙඩි දෙකක්.
  • ලීක්ස් කොළයක්.
  • පොඩි ළුණු ගෙඩි භාගයක්.
  • අමු මිරිස් කරලක්.
  • ලුණු.
  • ගම්මිරිස්.
  • කහ කුඩු.
  • කෝන් ෆ්ලා / පාන් පිටි 
  • පොල්තෙල්
  • ඇල් වතුර

මම ඉහතින් සඳහන් කරලා තියෙන ද්‍රව්‍ය ටික තමා අද අපිට මේ ස්නැක් එක හදා ගන්න ඕනි කරන දේවල් ටික.  ඉතින් මේකෙ ලුණු, ගම්මිරිස් සහ කහ කුඩු අපිට රස අනුව මිශ්‍ර කරගන්න පුළුවන්. 


01. මිශ්‍රණය සාදා ගැනීම.

මුලින්ම අපි මිශ්‍රණය ගන්නෙ කොහොමද කියලා බලමු.  ඒකට අපි මුලින්ම කරන්න ඕනි පිරිසිදු භාජනයක් අරගෙන ඒකට ,

  •           තම්බාගත් අල ගෙඩි දෙක
  •           පොඩිවට කපා ගත්ත ලීක්ස්
  •           පොඩිවට කපා ගත්ත ළුණු ගෙඩියෙන් භාගය
  •           පොඩිවට කප ගත් අමු මිරිස් කරල
  •           රස අනුව ලුණු , ගම්මිරිස් සහ කහ කුඩු ටික
  •           පාන් පිටි මේස හැඳි දෙකක් (කෝන් ෆ්ලා ගන්නත් පුළුවන්)

ඒ භාජනයට දාලා හොදින් මිශ්‍ර කර ගන්න. අතින් මිශ්‍ර කර ගන්න එක වඩාත් සුදුසුයි. ( අල වල තෙත ගතිය තියෙන නිසා නැවත වතුර මිශ්‍ර කිරීම අවශ්‍ය නැත.) හොදින් මිශ්‍ර කර ගත් පසුව පොඩි පොඩි රෝල් සාදා ගන්න.


02. ඩෝ එක සාදා ගැනීම.

ඊටපස්සෙ අපි මේකට අවශ්‍ය කරන ඩෝ එක හදා ගමු. ඒකට අපි කරන්න ඕනි තවත් භාජනයක් අරගෙන ඒකට පාන්පිටි ග්‍රෑම් 150 ක්, රස අනුව ලුණු ස්වල්පයක් සහ පොල්තෙල් මේස හැඳි 2ක් එකතු කර ගන්න. ඊටපස්සෙ ඇල් වතුර ටික ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කර ගනිමින් ඩෝ එක අනා ගන්න. විනාඩි 10ක් පමණ තබන්න. 


03. බැටර් එක සාදා ගැනීම.

ඊටපස්සෙ කරන්න ඕනි බැටර් එක හදා ගන්න එක. ඒකට වෙනම භාජනයක් අරගෙන ඒකට පාන් පිටි මේස හැන්දක් සහා ඇල් වතුර මේස හැඳි 2ක් එකතු කර දියාරු ගතියට බැටර් එකක් සාදා ගන්න. රෝල් ටික අලවගන්න තමයි අපි මේක දියාරු ගතියට හදා ගන්න ඕනි.


04. සාදා ගන්නා ආකාරය :- 

  1. ඩෝ එක හොදින් දිගු අතට දිග හැර ගන්න. ( ඝනකමින් තොරව හොඳින් තුනී කර ගන්න.)
  2. සාදා ගත් රෝල් වල ප්‍රමාණයට ඩෝ එකේ තීරු කපා ගන්න.
  3. කපා ගත් තීරු රෝ එක වටේ ඔතා ගන්න. එහි අවසානයේ බැටර් එක ගාලා හොඳින් අලවා ගන්න.
  4. තෙල් අවශ්‍ය ප්‍රමානයට දමා එය හොඳින් රත් කර ගන්න.
  5. තෙල් රත් වූ පසුව කලින් සාඳා ගත් රෝල් තෙලට දමා හොඳින් බැඳ ගන්න. ( ලා රන්වන් පැහැය එන තුරු) 
  6. අවශ්‍ය ප්‍රමාණයට බැඳගත් පසුව ඉවත් කර ගන්න.
  7. ඉන්පසුව රසම රස ස්නැක් එක පිළිගන්වන්න.




අද  ඉතාම සරලව නිවසේදීම රසම රස ස්නැක් එකක් හදා ගත්තා වගේම තවත් රසම රස රෙසිපි එකක් අරගෙන ආයෙත් අලුත් දවසක හම්බෙමු. 



















Tuesday, June 13, 2023

විදු බිම.

 විදු බිම...





අකුරු කරන්නට මුලසුන් දුන්...

ජීවිතයට මංපෙත් විවර කර දුන්...

සහෝදර හිතවත්කම් ගොඩ නැංවූ.....

සුවිශාල පිංකෙත වන්නේ නුඹයි...


සොඳුරු මතක පිටු එක් කරමින්...

දැයට ශක්තීන් බිහි කරමින්....

ගුණ නැන බෙලෙන් සවිමත් කරමින්...

අඳුරට ආලෝකයක් වූයේ නුඹයි....


සුවිශාල පිංකෙත බඳු වූ....

අඳුරට ආලෝකයක් ම බඳු වූ...

"විඳු මව්නි" නුඹ හට...

තව තවත් වෙජඹෙන්නට...

පතනෙමි සුභාශිංෂන හඳවතින්..










ගිලිහුණු තරුව.

ගිලිහුණු තරුව.




නිවි නිවී දැල්වෙන...

 අඳුරට ආලෝකය දෙන.....

 දිඳුළන තනි තරුව....

 "නුඹම" විය මට මේ ලෝකේ.....


මට මුළු ලොවක් වුණු....

මුළු අහසටම එළියක් වුණු...

නැවත නොඳිළෙන........

ගිළිහුණු තනි තරුව ද නුඹම විය..........

මගෙ අප්පච්චී........




ඉතුරුවෙන බත් වලින් තේ වෙලාවට කන්න රස කෑමක් හදමු ද?

රයිස් වඩේ.  අවශ්‍ය ද්‍රව්‍ය. - බත් කෝප්ප එකක්. (රතු බත්, සුඳු බත්, නාඩු හාල්, කැකුළු හාල් කැමති බත් එකක්) පාන් පිටි තේ හැඳි 03 ළුණු කරපිංචා ...