Tuesday, October 8, 2024

ඉතුරුවෙන බත් වලින් තේ වෙලාවට කන්න රස කෑමක් හදමු ද?

රයිස් වඩේ. 







අවශ්‍ය ද්‍රව්‍ය. -

  • බත් කෝප්ප එකක්. (රතු බත්, සුඳු බත්, නාඩු හාල්, කැකුළු හාල් කැමති බත් එකක්)
  • පාන් පිටි තේ හැඳි 03
  • ළුණු
  • කරපිංචා
  • අමුමිරිස්
  • ලූණු
  • කැමති නම් කෑලි මිරිස්, ගම්මිරිස්

ගොඩක් ලේසියෙන් හරිම රසට හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ තියෙන්නෙ. ඔයාලත් හදලා බලන්නකො. ම්ම්ම්ම්ම්ම්ම් කටට සැරට රසම රස වඩේ එකක් ඔයාලත් ගෙදරදිම හදන්නකෝ. හරිම ලේසියි. එහෙනම් අපි බලමු කොහොමද හදා ගන්නේ කියලා.

සාදා ගන්නා ආකාරය -

මිශ්‍රණය සාදා ගන්නා ආකාරය -

මුලින්ම උයාගත්තු බත් ටික බ්ලෙන්ඩර් කප් එකකට දා ගන්න. ඊටපස්සෙ ඒ බත් ටික පේස්ට් එකක් වගේ වෙනකල් වතුර ටිකක් එකතු කරලා හොඳින් අඹර ගන්න. මේකට ඕනිම හාලකින් උයාගත්තු බත් පාවිච්චි කරන්න පුළුවන්. (කැමති බත් වර්ගයක් ගන්න.)

ඉන්පසුව එම පේස්ට් එකට පාන්පිටි මේස හැඳි තුනක් එකතු කරන්න. ඉන් පසු ලුණු කුඩු, හීනිවට කපා ගත්ත ළුනු කැබලි, කරපිංචා, අමු මිරිස් එකතු කර ගන්න. ඒ ඔක්කොම එකට හොඳින් මිශ්‍ර කර ගන්න. (අතින් අනා ගන්න) ඔයාලට කැමති නම් හීනිවට කපා ගත්ත කංකුං ටිකක්, නැත්නම් කැරට් ටිකක් එකතු කර ගන්නත් පුළුවන්.

ඉන් පසුව වතුර ටිකක් ඒ භාජනයටම එකතු කර ගන්න. (හොඳින් මිශ්‍ර කර ගන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කර ගන්න.) ඇලෙන ගතියට එන මිශ්‍රණයක් හදා ගන්න. ගෙදර තියෙනවනම් ඔයාලට බේකින් සෝඩා ටිකක් වුණත් මේ මිශ්‍රණයට දා ගන්න පුළුවන්.

දැන් අපි මිශ්‍රණේ හදාගෙන ඉවරයි. දැන් එහෙනම් වඩේ හදමු.

වඩේ සාදා ගන්නා ආකාරය -

මුලින්ම අත් දෙකේ තෙල් හෝ වතුර ස්වල්පයක් ගා ගන්න. ඉන් පසුව මිශ්‍රණයෙන් ටිකක් අතට ගෙන උඳු වඩේ ආකාරයට සාදා ගන්න. මැඳින් හිලක් සාදා ගන්න.(හොඳින් තැම්බෙන්න ඕනි නිසා)

ඉන් පසුව භාජනයක් රත් කර එයට පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට දමා රත් වන තුරු තබා ගන්න. රත් වූ පොල්තෙල් වලට සාදා ගත් උඳු වඩේ දමා හොඳින් බැද ගන්න. වඩේ රන්වන් පාට වන තුරු මද ගින්දරේ හොඳින් බැදෙන තුරු තබා ගන්න. 

ඉතින් දැන් ඔයාලට පුළුවන් තේ බොන ගමන් කටට සැරට රසම රස වඩේ කන්න.

ඔයාලත් ගෙදර ඉතුරු වුණු බත් වලින් මේ වගේ හරිම ලේසි කෑම හදලා බලන්න. හදලා රස බලන්න. හැමදේම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනි මේ කාලේ ඔයාලත් ඉතුරු වූණු බත් විසිකරන්නේ නැතුව වෙනස් කෑමක් හදලා බලන්නකෝ.

එහෙනම් අලුත් බ්ලොග් එකකින් ආයෙත් හමුවෙමු. බායි.







ඉතුරුවෙන බත් වලින් තේ වෙලාවට කන්න රස කෑමක් හදමු ද?

රයිස් වඩේ.  අවශ්‍ය ද්‍රව්‍ය. - බත් කෝප්ප එකක්. (රතු බත්, සුඳු බත්, නාඩු හාල්, කැකුළු හාල් කැමති බත් එකක්) පාන් පිටි තේ හැඳි 03 ළුණු කරපිංචා ...