Thursday, June 29, 2023

ඩෝනට්ස්.

 ඩෝනට්ස්.



ඔන්න මන් අදත් අලුත් රෙසිපි එකක් අරගෙන අවා. අපි බලමු ඉතාම අඩු කාලයකින් විනාඩි 5කින් වගේ ඉතාම රසවත් ඩෝනට්ස් එකක් හදාගන්නෙ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • පාන්පිටි ග්‍රෑම් 300
  • සීනි මේස හැඳි 5ක්
  • බේකින් පව්ඩර් තේ හැඳි 1ක්
  • බිත්තර 1ක්
  • කිරි (ෆ්‍රෙශ් මිල්ක් / පොල් කිරි)
  • පොල් තෙල්
  • අයිසින් සීනි ග්‍රෑම් 100
  • කලරින්
  • ස්පින්ගර්ස්

ඩෝ එක සාදා ගන්නා ආකාරය. :- 

පාන්පිටි ටික බෝල් එකකට දාගන්න. ඊටපස්සෙ ඒකටම සීනි මේස හැඳි 5ත් එකතු කර ගන්න. සීනි ටික සහ පාන්පිටි ටික හොඳට කළවම් කර ගන්න. ඉන් පසු ඒ මිශ්‍රණයටම බේකින් පවුඩර් තේ හැඳි 1ක් සහ බිත්තර 1ක් එකතු කර ගන්න. නැවතත් හොඳින් කළවම් කර ගන්න.

ඉන්පසුව එම මිශ්‍රණයටම කිරි ටික එකතු කර ගන්න. (කිරි නැත්නම් වතුර භාවිතා කළ හැකිය) අතේ නොඇලෙන පදමට එන තෙක් පිටි ඩෝ එක හොඳින් මිශ්‍ර කර ගන්න. (විනාඩියක් දෙකක් හොඳින් පිටි ඩෝ එක නීඩ් කර ගන්න)

ඉන්පසුව බෝඩ් එකක් ගන්න. ඒක උඩට හොඳින් පාම් පිටි ඉහා ගන්න. ඉන්පසුව පිටි ඩෝ එක ඒ මත තබා ඊට උඩින් ද පාම් පිටි ඉහා ගන්න. පසුව පිටි ඩෝ එක හොඳින් තුනී කර ගන්න. (ගොඩාක් තුනී කරන්න එපා.)

පසුව තුනී කර ගත්ත ඩෝ එකෙන් රවුම් කපා ගන්න. (ඒ සඳහා කප් එකක් භාවිතා කළ හැකිය.) රවුම් කපා ගත් පසුව එහි මැද රවුමත් කපා ගන්න.

වෙනත් භාජනයක් ලිප තබා එයට තෙල් එක් කර හොඳින් රත් වූ පසුව කපාගත් රවුම් ඒ මත දමා හොඳින් බැඳ ගන්න. (ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තබා ගන්න.) රන්වන් පැහැය වන තුරුම දෙපැත්තම බැඳ ගන්න.

ඩෝනට්ස් ටික බැඳගත් පසුව එය රසවත් කරන ගේල්ස් එක සාදා ගත යුතුය. 

ග්ලේස් එක සාදා ගන්නා ආකාරය. :-

පොඩි භාජනයක් ගන්න. එයට අයිසින් සීනි ග්‍රෑම් 100ක් එකතු කර ගන්න. (අයිසින් සීනි නැත්නම් සාමාන්‍ය සීනි අරගෙන ඒක කුඩු කරගෙන හොඳට තුන් හතර පාරක් පෙරළා අරගන්න) ඒකටම කිරි මේශ හැඳි 2ක් එකතු කර ගන්න. ඉන්පසුව හොඳින් කළවම් කර ගන්න.

එම මිශ්‍රනයට කලරින් බිංදු 2ක් එකතු කර ගන්න. (අත්‍යාවශයම නැ. කැමති නම් එක් කර ගන්න.)

ග්ලේස් එක තම කැමති පරිදි කැමති පාටකින් සාදා ගත හැකිය. ඉන් පසුව ග්ලේස් එක සාදාගෙන එයට ඩෝනට් දමා ග්ලේස් එක දවටා ගන්න. (තම්න්ට කැමති පරිදි එය ලස්ස්න කර ගත හැකිය.) දවටා ගත් ඩෝනට්ස් මතට ස්පින්ගර්ස් දාම සරසා ගන්න.

ඉන්පසුව පිළිගන්වන්න. රස විඳින්න.

නැවත හමුවෙමු තවත් රසවත් රෙසිපි එකකින්.




Wednesday, June 14, 2023

අඩු වියදමකින් සුපිරි රෝල් එකක්.

  අඩු වියදමකින් සුපිරි රෝල් එකක්.



අඩු වියදමකින් ගෙදර තේ බොන ගමන් ක්‍රිස්පි ගතියට කන්න ඉතාම සරලවම ස්නැක් එකක් හදා ගන්න විදිය ගැන අද මම ඔයාලට කියල දෙන්නම්. ඒකට ඕනි කරන්නෙ ඉතාම සුළු දේවල් ටිකක්.

අවශ්‍ය ද්‍රව්‍ය :- 

  • තම්බලා පොඩි කර ගත්ත අල ගෙඩි දෙකක්.
  • ලීක්ස් කොළයක්.
  • පොඩි ළුණු ගෙඩි භාගයක්.
  • අමු මිරිස් කරලක්.
  • ලුණු.
  • ගම්මිරිස්.
  • කහ කුඩු.
  • කෝන් ෆ්ලා / පාන් පිටි 
  • පොල්තෙල්
  • ඇල් වතුර

මම ඉහතින් සඳහන් කරලා තියෙන ද්‍රව්‍ය ටික තමා අද අපිට මේ ස්නැක් එක හදා ගන්න ඕනි කරන දේවල් ටික.  ඉතින් මේකෙ ලුණු, ගම්මිරිස් සහ කහ කුඩු අපිට රස අනුව මිශ්‍ර කරගන්න පුළුවන්. 


01. මිශ්‍රණය සාදා ගැනීම.

මුලින්ම අපි මිශ්‍රණය ගන්නෙ කොහොමද කියලා බලමු.  ඒකට අපි මුලින්ම කරන්න ඕනි පිරිසිදු භාජනයක් අරගෙන ඒකට ,

  •           තම්බාගත් අල ගෙඩි දෙක
  •           පොඩිවට කපා ගත්ත ලීක්ස්
  •           පොඩිවට කපා ගත්ත ළුණු ගෙඩියෙන් භාගය
  •           පොඩිවට කප ගත් අමු මිරිස් කරල
  •           රස අනුව ලුණු , ගම්මිරිස් සහ කහ කුඩු ටික
  •           පාන් පිටි මේස හැඳි දෙකක් (කෝන් ෆ්ලා ගන්නත් පුළුවන්)

ඒ භාජනයට දාලා හොදින් මිශ්‍ර කර ගන්න. අතින් මිශ්‍ර කර ගන්න එක වඩාත් සුදුසුයි. ( අල වල තෙත ගතිය තියෙන නිසා නැවත වතුර මිශ්‍ර කිරීම අවශ්‍ය නැත.) හොදින් මිශ්‍ර කර ගත් පසුව පොඩි පොඩි රෝල් සාදා ගන්න.


02. ඩෝ එක සාදා ගැනීම.

ඊටපස්සෙ අපි මේකට අවශ්‍ය කරන ඩෝ එක හදා ගමු. ඒකට අපි කරන්න ඕනි තවත් භාජනයක් අරගෙන ඒකට පාන්පිටි ග්‍රෑම් 150 ක්, රස අනුව ලුණු ස්වල්පයක් සහ පොල්තෙල් මේස හැඳි 2ක් එකතු කර ගන්න. ඊටපස්සෙ ඇල් වතුර ටික ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කර ගනිමින් ඩෝ එක අනා ගන්න. විනාඩි 10ක් පමණ තබන්න. 


03. බැටර් එක සාදා ගැනීම.

ඊටපස්සෙ කරන්න ඕනි බැටර් එක හදා ගන්න එක. ඒකට වෙනම භාජනයක් අරගෙන ඒකට පාන් පිටි මේස හැන්දක් සහා ඇල් වතුර මේස හැඳි 2ක් එකතු කර දියාරු ගතියට බැටර් එකක් සාදා ගන්න. රෝල් ටික අලවගන්න තමයි අපි මේක දියාරු ගතියට හදා ගන්න ඕනි.


04. සාදා ගන්නා ආකාරය :- 

  1. ඩෝ එක හොදින් දිගු අතට දිග හැර ගන්න. ( ඝනකමින් තොරව හොඳින් තුනී කර ගන්න.)
  2. සාදා ගත් රෝල් වල ප්‍රමාණයට ඩෝ එකේ තීරු කපා ගන්න.
  3. කපා ගත් තීරු රෝ එක වටේ ඔතා ගන්න. එහි අවසානයේ බැටර් එක ගාලා හොඳින් අලවා ගන්න.
  4. තෙල් අවශ්‍ය ප්‍රමානයට දමා එය හොඳින් රත් කර ගන්න.
  5. තෙල් රත් වූ පසුව කලින් සාඳා ගත් රෝල් තෙලට දමා හොඳින් බැඳ ගන්න. ( ලා රන්වන් පැහැය එන තුරු) 
  6. අවශ්‍ය ප්‍රමාණයට බැඳගත් පසුව ඉවත් කර ගන්න.
  7. ඉන්පසුව රසම රස ස්නැක් එක පිළිගන්වන්න.




අද  ඉතාම සරලව නිවසේදීම රසම රස ස්නැක් එකක් හදා ගත්තා වගේම තවත් රසම රස රෙසිපි එකක් අරගෙන ආයෙත් අලුත් දවසක හම්බෙමු. 



















Tuesday, June 13, 2023

විදු බිම.

 විදු බිම...





අකුරු කරන්නට මුලසුන් දුන්...

ජීවිතයට මංපෙත් විවර කර දුන්...

සහෝදර හිතවත්කම් ගොඩ නැංවූ.....

සුවිශාල පිංකෙත වන්නේ නුඹයි...


සොඳුරු මතක පිටු එක් කරමින්...

දැයට ශක්තීන් බිහි කරමින්....

ගුණ නැන බෙලෙන් සවිමත් කරමින්...

අඳුරට ආලෝකයක් වූයේ නුඹයි....


සුවිශාල පිංකෙත බඳු වූ....

අඳුරට ආලෝකයක් ම බඳු වූ...

"විඳු මව්නි" නුඹ හට...

තව තවත් වෙජඹෙන්නට...

පතනෙමි සුභාශිංෂන හඳවතින්..










ගිලිහුණු තරුව.

ගිලිහුණු තරුව.




නිවි නිවී දැල්වෙන...

 අඳුරට ආලෝකය දෙන.....

 දිඳුළන තනි තරුව....

 "නුඹම" විය මට මේ ලෝකේ.....


මට මුළු ලොවක් වුණු....

මුළු අහසටම එළියක් වුණු...

නැවත නොඳිළෙන........

ගිළිහුණු තනි තරුව ද නුඹම විය..........

මගෙ අප්පච්චී........




Wednesday, June 7, 2023

ඉලක්කම්. (සංඛ්‍යා) 숫자

 ඉලක්කම්. (සංඛ්‍යා) 






කොරියානු භාෂාව ඉගෙනීමේදී "කොරියානු ක්‍රමයට" සහ "චීන ක්‍රමයට" යනුවෙන් ඉලක්කම් ගණන් කිරීමේ ආකාර දෙකක් පවතී. කොරියානු ක්‍රමයෙන් ගණනය කළ හැක්කේ 100 දක්වා පමණි. නමුත්, චීන ක්‍රමය තුළින් 1 සිට 100 දක්වාත් ඉන් ඉදිරියටත් ඕනෑම සංඛ්‍යාවක් ගණනය කළ හැකිය. 

කොරියානු ක්‍රමයට සහ චීන ක්‍රමයට අංක ගණනය කිරීම පහත පරිදි වේ.


කොරියානු ක්‍රමයට ඉලක්කම් ගණන් කිරීම.

01 (හනා) = 하나

02 (තුල්) = 둘

03 (සෙත්) = 셋

04 (නෙත්) = 넷

05 (තසොත්) = 다섯

06 (යොසොත්) = 여섯

07 ඉල්ගොප්) = 일곱

08 (යොදොල්) = 여덟

09 (අහෝප්) = 아홉

10 (යොල්)= 열

20 (සමුල්) = 스물

30 (සොරන්) = 서른

40 (මාහන්) = 마흔

50 (ස්වින්) = 쉰

60 (යේසුන්) = 예순

70 (ඉල්හන්) = 일흔

80 (යොදන්) = 여든

90 (ආහන්) = 아흔

100 (ඕන්) = 온


චීන ක්‍රමයට ගණනය කිරීම.

කොරියානු ගණනය කිරීම් වලදී මෙම ක්‍රමය බහුලවම භාවිතා කරයි.

01 (ඉල්) = 

02 (ඉ) = 이

03 (සම්) = 삼

04(සා) = 사

05 (ඕ) =오

06 (යූග්) = 육

07 (චිල්) = 칠

08 (ඵල්) = 팔

09 (කු) = 구

10 (සිප්) = 십

20 (ඉසිප්) = 이십

30 (සම්සිප්) = 삼십

40 (සාසිප්) = 사십

50 (ඕසිප්) = 오 십

60 (යූග්සිප්) = 육십

70 (චිල්සිප්) = 칠십

80 (ඵල්සිප්) = 팔십

90 (කුසිප්) = 구십

100 (පෙග්) = 백


මේ ආකාරයට කොරියානු භාෂාව තුළ අංක ගණනය කිරීම සිඳු වේ.

ඉතුරුවෙන බත් වලින් තේ වෙලාවට කන්න රස කෑමක් හදමු ද?

රයිස් වඩේ.  අවශ්‍ය ද්‍රව්‍ය. - බත් කෝප්ප එකක්. (රතු බත්, සුඳු බත්, නාඩු හාල්, කැකුළු හාල් කැමති බත් එකක්) පාන් පිටි තේ හැඳි 03 ළුණු කරපිංචා ...